Sunday, September 23, 2018

තේරුමක් නැති කතාවක් - The world VI [ E01 ]

පරිගනක ක්‍රීඩා හින්දම නිතරම බැනුම් අහන මම ඇලෙක්ස් සැන්ෆෝර්ඩ්. මගේ මේ කතාව පටන් ගන්නේ කාලෙකට කලින්. එයාගෙ නම නිකලස් බෙල්බොස්. අපි ගොඩක් දෙනෙක්ගේ ජීවිත උඩු යටිකුරු කරපු පුද්ගලයා. 
 1591 වෙනි අවුරුද්ද වෙනකොට මම පාසලේ 12 වසරේ. රසායන විද්‍යාව ඉගනගත්තට, මම මැග්නීසියම් පටියක් දහනය කරල බලල තිබුනෙ විද්‍යාගාරයේ කොම්පියුටර් එකේ විතරයි.  අපිට ඕනිම පරීක්ශනයක් සමාකරණ (simulation) පද්ධතියක් ඇතුලෙ කරන්න පුලුවන් කම තිබුන. ඒ තුලින් අපි ගොඩක් දේවල් ඉගනගත්ත. "විභාග" සංකල්ප ගොඩක් කාලයකට කලින් අධ්‍යාපන ක්‍රමයෙන් අයින් කරල තිබුන. ඒ වෙනුවට අධ්‍යාපන ක්‍රමය සමාකරණ ක්‍රියාකාරකම් මත පදනම් වෙලා තිබුනෙ.  අපේ අම්මල තාත්තලා  කියන විදියට, මේ දියුනුවට ප්‍රධාන හේතුව ඒකලු. 
අපේ යාලුවො කන්ඩායමේ සාමජිකයන් හතර දෙනයි. රොජර්, ගෙවින්, ඇඩ්න් සහ මම සිව් කට්ටුව උනා. පාසල් ඉවර උනු ගමන්ම, ගෙදර යන්න ළමයින් සියල්ලොම පාහෙ ගොඩක් උත්සුක උනා. මොකද, පරිසර උශ්නත්වයට වඩා, ගෙදර වායු සමනය මහත් සුවයක් විය. 
ඊලග රාජකාරිය වූයේ සෙල්ලමයි. ඒ දිනවල උන්මාදයක් වු the world-vi  කොම්පියුටර් ක්‍රීඩාව, අපි සියල්‍ලු දෙනාගේ මෙන්ම බොහෝ ළමයින් ගේ ප්‍රධාන කාර්ය උනා.සියල්ලටම කොම්පියුටර් simulation ගාවගත්ත අපේ සමාජයට ආපු වීරයද ද්‍රෝහියද කියල හරියට කියන්න බැරි the world  game එක හදන්නෙ නිකලස් බෙල්බොස්. Virtual ලෝකයක් ඇතුලෙ ජීවියෙක්ගේ ක්‍රියාකාරකම් පාලනය කිරීම ක්‍රීඩකයාට කරන්න තිබුනේ. විශාල රටවල් සංඛ්‍යාවක්, විවිධ ජාතීන්, විවිධ භාෂා වලට අදාල චරිතයක් අපිට ආරම්භයේදී හදාගන්න පුලුවන්. එම ලබාදෙන ලබපු පරාමිතියන්ට අදාලව, යම් කිසි දෙමාපිය දෙපලකට බිලිදෙකු වශයෙන් ක්‍රීඩාවට අපි ඇතුලුවෙන්නෙ. එතැන් පටන් කියන කරන දේවල් මත අපේ ක්‍රීඩාවේ සියලුම දේවල් තිරනය වෙනවා. මෙහි ආස්වාදය වන්නේ, අප විසින් අපේ නම පවතින යමක් කිරීමයි. ඉන් අප ප්‍රසිද්ද පුද්ගලයෙක් වෙනවා.

තව එකක් ඉස්සරහදී...

Monday, September 17, 2018

පින්න මල

පින්න මල් 
ලස්සනට පිපිලලු
රතුපාටට පොකුරු
හුලගට හෙල උනාලු
සර සර ගාගෙන
ගෙනිච්ච සුවදට වඩා
ගද 
පින්න ගාලට වැදිල 
රී#වට 
මොනාකරන්නද 
පින්න මල

ධනුශ්කගේ පැමිනිල්ල

  තට්ටම් වලට දීලා එකපිට පහර ගලවා කොපුව ඇරියා අමු අමුවේම යන්නට වගේ ආවා අවසන් හුස්ම ස්වාමිනි එල්ලන්න මේ දස කැ*යාව