Wednesday, April 10, 2019

දහවල් කඩුපුල්

මුව මල් රේනු නැවී මල් මැලව ගොසින්
හෙවනක පිනිදිය ඉසුනා පෙම් වදනින්
දහදිය මල් සුව සුවද විදින සිතැගින්
අදුරින් කඩුපුල් ලෙස සිත සුවද කරං
හදවත් සයුරේ කුනාටු පවුරු කඩන්
වෙරළට ඇදුනේ ලෝ ඇස හැරුන සැනින්

රුධිරය ගෙන උන් සැගව ගියා සැනකින්
මැදුරු යහන් සැප ගෙන දේ උර තලයෙන්
කාලය නැවතී නෑ හද හැගුන් ලෙසින්
පෙම් රස තැවරී මුකුලිත මල් සැලුනින්
අදුරට ගුලිවී දුටු සිහිනය නිමවං
විදුලි පහන් එලි දිලුනා අදුර හැරන්


විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...