Thursday, April 16, 2020

තැන නොතැන

රතු වෙච්ච ඇස් අස්සෙන්
තොල් වලට හිනවක් 
කදුලු වේලන්න වෙලාවක්ද මේ
කෙකටිය සුවද නෑ
තුරුලු කරගනිං ආදරෙං

නැවුම් සුවදපායල වහිද්දී
වක්කඩ බැදලා හිතට බයයි
නියර ගැන
බයට ඇකිලිච්ච නිදිකුම්බ පැල
හොරාට නැගිටිනවා
ඇනිච්ච කටු දැකලා හිනාවෙනවා
මතකද අහලා
ඩිංගක් ගිමං ඇරියාට
තව දුරද අහද්දි
බයයිගමනෙන් බාගයයි
විමුක්තියට

සුද්දාගේ වගාව,
කූඩැල්ලගේ යහනාව
ලෝකේ ඇලයි
අමාරුයි 
වාරුයි,
මුලින්ම අල්ලගත්ත මුළින්ම 
නිදිකුම්බ නිදාගනිං
පැමිනිල්ල සමත මන්ඩලේ
සමාදානයිද
හරස් ඇලෙං හෝදල
ගොවියා ගොඩගත්තා රජකමට
පස්වාං දහසකට
හෝදං වරෙං
උබව රජ කරවන්ඩ...


ධනුශ්කගේ පැමිනිල්ල

  තට්ටම් වලට දීලා එකපිට පහර ගලවා කොපුව ඇරියා අමු අමුවේම යන්නට වගේ ආවා අවසන් හුස්ම ස්වාමිනි එල්ලන්න මේ දස කැ*යාව