Thursday, August 11, 2016

මූන කචල් ඇග සුරතල්

වැඩ ඇරී ගෙදර එන්නට බසයට ගොඩවී මම බසයේ මැද්දට ගියේ කොන්දොස්තරගෙන් බෙරීමටය.මා අබියස රතු ගව්මක් ඇදගත් තරුනියක විය. දියබුන් ගසන හංස යුවල නෙත ගැටෙන්නේ ගවුමෙහි පලල්වු කර අතරිනි.දනින් වියතක් පමන ඉහලින් වූ ගවුම අතින් ඇද වියත් බාගයකට අඩු කරගැනීමට ඇය නිතර වග බලාගත්තාය.ගම්සබා හංදිය ආසන්නයේදී ඇය නැගිටින්නීය.එවිට මට ලොරි මූනක් සවිකල බෙන්ස් එකක් සිහිවිය. ඒ සැනකින් එතනින් වයස් ගත කාන්තාවක් අසුන් ගත්තාය.කිලිටි වූ සුදු කොටු හැට්ටය තද දුබුරු පැහැ විය.හැට්ටය කලු සායට යටකට තිබූ එය කලක් බාවිත කල එකක් බව නිසැකය.යට කිරීමට හේතුව සායේ වූ හිල් වැසිමටදැයි සිතුනේ කලු සාය අතරින් පතර පෙනුනු හැට්ට රෙද්ද නිසාය.අතේ වූ ටියුලිප් කවර කිහිපය ඇයට යාචිනියක රුව දුන්නේය.අවසානයේ මේකප් තවරා කොට ගවුමින් විලි වසා සිටි තරුණිය ඇගේ වටිනා පෙනුමකින් යුතු වු අත් මල්ල මැහල්ල අතට දුන්නේ සිනාමුසු මූහුනින්‍ ය.මූන කචල් සිත සුරතල් යනුවෙන් පෙර වදන වෙනස් කිරීමට මට සිත් විය.

Monday, August 8, 2016

පොහොසත් කොන්දොස්තර

දහවල් දෙකට පමන කොල්ලුපිටිය හන්දියෙන් ටවුන් හෝල් බලා යාමට 175ක් එනතුරු සිටි මට ඈතින් පෙනුනු බසය දැකීම මහත් සතුටක් විය. කිලුටි කොන්දොස්තර නිල ඇදුමින් උඩු කය වසා පාන්කඩයකට ගතහැකි තරමේ සරමකින් සැරසී සිටි කොන්දොස්තර මහතා බසයේ මගීන් පුරවාගැනීමට තරමක වෙහෙසක් දැරුවෙය.බසය levi's එක පසුකර යන විට කොන්දොස්තර එකවරම කෑගැසුවෙය. "ඔය ළමයි ගන්න ඔය ළමයි ගන්න".
එතැනින් දෙමල ළමයින් තිදෙනෙක් රථයට ගොඩවුනි.කොන්දොස්තර "ඔය පුතා කොහෙටද?" යැයි අසමින් ප්‍රවේශය පත්‍ර ලබාදුන්නේය. මම යමක් සිතන්නට...

Sunday, August 7, 2016

කියවපන් ඒකිව

සංසාර ප්‍රාර්තනා
උතුම් පැතුම් 
ආදරයට නවාතැනක්
ආශා විල්තෙර
පලවෙනියා - 2
කරුවල ගෙදර
උන්මාදිනී
කව්දෝ ඇවිදින්
ඒ මගේ මලයි

(සිංහල නවකතා නවයක නම්)

Saturday, August 6, 2016

ඒ කාලේ


සල්ලි එනකන් 
ජීවිතේ රස්තියදුවෙ
මතකයි 
පේමන්ට් ප්‍රේමෙ
පාක් එක ලග
හන්දියෙ
බස් එක එනකන් 
වෙයිටින් අන්ඩ
ටැන්කියේ
පොලිසිය පැන්න
දුම වැඩි
කක්කුස්සියෙ
දූවෙන් එයි අරන්
වරක් ඉංගිරිසි 
චක්කරේ
බෙන්සීන් පාලිතෙ
බාර්ලි පල්ලමෙ
තුරුම්පු ආසිය
ගැහුව මතකයි 
කලුවරෙ
බොඩිමෙ
ඒ කාලේ ජිවිතේ
තාර මත
මංගමේ
( හිමිකම් මා සතුයි )

Sunday, February 21, 2016

ගැබ්බර ගොයම

ගැබ්බර ගොයම
වදා වී ඉපනැල්ල
දෙපය අතරින් වැටුන
 කෙතේ රන් කහවණුය
කාරතුව තදකලා
ගෙදර උන්ගේ බැන්ම
කාටුව හුරුයි අපට
කහනවා මැතිදුන්ට
හුලන් කර බැත ගෙදර
අටුව ගෙන බර කරට
කිරි අම්මගේ හඩට
රිද්මයි මෝල් ගස
පුදා මුල් කොට බුදුට
කිරිබතක රස විය
විඩා නිවලා කොහොම
වතුර බැදලා එන්න
ආතාගේ තට්ටමට
දිවයුරු සිනාසෙයි
අම්බරුවන්ට ජඃ
ගම පුරා තෙපුල් දෙයි
බට පතුරු පෙට්ටියට
ඉදුණු බත බෙදාලා
කරපින්නන් ඇබුල
ගෙනගියා නියර මත
රසයි කරවල හොද්ද
දමා පොල් කෑලි දිග
ගොයම පැල බන්ඩි විය
බන්ඩි කිරි වදින්නිය
තිරිසන් නෑයන්ට
කොටහක් එල්ලලා
අටුවා අයෙත් බර කරන්
කන්නේ අහවර වෙලා..

ධනුශ්කගේ පැමිනිල්ල

  තට්ටම් වලට දීලා එකපිට පහර ගලවා කොපුව ඇරියා අමු අමුවේම යන්නට වගේ ආවා අවසන් හුස්ම ස්වාමිනි එල්ලන්න මේ දස කැ*යාව