Sunday, February 21, 2016

ගැබ්බර ගොයම

ගැබ්බර ගොයම
වදා වී ඉපනැල්ල
දෙපය අතරින් වැටුන
 කෙතේ රන් කහවණුය
කාරතුව තදකලා
ගෙදර උන්ගේ බැන්ම
කාටුව හුරුයි අපට
කහනවා මැතිදුන්ට
හුලන් කර බැත ගෙදර
අටුව ගෙන බර කරට
කිරි අම්මගේ හඩට
රිද්මයි මෝල් ගස
පුදා මුල් කොට බුදුට
කිරිබතක රස විය
විඩා නිවලා කොහොම
වතුර බැදලා එන්න
ආතාගේ තට්ටමට
දිවයුරු සිනාසෙයි
අම්බරුවන්ට ජඃ
ගම පුරා තෙපුල් දෙයි
බට පතුරු පෙට්ටියට
ඉදුණු බත බෙදාලා
කරපින්නන් ඇබුල
ගෙනගියා නියර මත
රසයි කරවල හොද්ද
දමා පොල් කෑලි දිග
ගොයම පැල බන්ඩි විය
බන්ඩි කිරි වදින්නිය
තිරිසන් නෑයන්ට
කොටහක් එල්ලලා
අටුවා අයෙත් බර කරන්
කන්නේ අහවර වෙලා..

No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...