ගැබ්බර ගොයම
වදා වී ඉපනැල්ල
දෙපය අතරින් වැටුන
කෙතේ රන් කහවණුය
කාරතුව තදකලා
ගෙදර උන්ගේ බැන්ම
කාටුව හුරුයි අපට
කහනවා මැතිදුන්ට
හුලන් කර බැත ගෙදර
අටුව ගෙන බර කරට
කිරි අම්මගේ හඩට
රිද්මයි මෝල් ගස
පුදා මුල් කොට බුදුට
කිරිබතක රස විය
විඩා නිවලා කොහොම
වතුර බැදලා එන්න
ආතාගේ තට්ටමට
දිවයුරු සිනාසෙයි
අම්බරුවන්ට ජඃ
ගම පුරා තෙපුල් දෙයි
බට පතුරු පෙට්ටියට
ඉදුණු බත බෙදාලා
කරපින්නන් ඇබුල
ගෙනගියා නියර මත
රසයි කරවල හොද්ද
දමා පොල් කෑලි දිග
ගොයම පැල බන්ඩි විය
බන්ඩි කිරි වදින්නිය
තිරිසන් නෑයන්ට
කොටහක් එල්ලලා
අටුවා අයෙත් බර කරන්
කන්නේ අහවර වෙලා..