උබලගේ ලෝකේ
මම සතෙක් ඒකෙ
අයිතිය උබලගේ
මම ගෙවපු ජීවිතේ
අරගලය උබලගේ
නිදහසත් උබලගේ
කොටුකරපු නිවහනේ
හෙව්වේ නැ නොහිමි දේ
කවි ලියයි දැන් පෙලට
මගේ නමට ගුණ ගීත
දුක හිතෙනකොට උබට
මම ඇවිත් සුරපුරට
මම හිටියේ වැලලෙන්න
උජාරුවෙන් දළ ඇතිව
කියපං මගේ වරද
උරුම වුනු දඩුවමට
දළ ඇත්තු හිටියාට
උන්ගේ
දළ උබලගේනේ
දළ ඇත්තු හිටියාට
උන්ගේ
දළ උබලගේනේ
ප.ලි : මල් ලස්සන ගහේ තියෙද්දී...
දළ ලස්සන ඇතාට තියෙද්දී...
ඇතා ලස්සන කැලේ ඉද්දි...
උබ ලස්සන ගල්ගමුවේ ඉදිද්දී...