Thursday, July 28, 2022

සහෝදරයා පරිස්සමට පලයං...



සීබා,

උබ අපේ ගෙදරට ගේද්දී උබව මැක්කෝ පිරිලා ඉදියා. අම්මයි නංගී උබව උකුන්නන්ට දාන බෙහෙත් දාල නෑව්වා මතකයි. රෑට උබට නින්ද ගියේ නෑ ආපු දවස්වල.. කෑගහනවා. මම උබව පෙට්ටියක දාල ඇඳ පාමුල තියාගෙන පෙට්ටියෙන් අත දාගෙන ඉද්දී අතේ රස්නෙට උබ නිදිව්වා.. රෑට උබ එලියට යන්න ඕනි උනාම මම එක්කගිහින් පඩියට වෙලා ඉදං ඉද්දී උබ ඇවිත් මගෙ ඇගයි දොරයි අස්සෙං හොම්බ ගහගෙන නිදාගන්නවා. අවුරුදු පහලවක් විතර හන්දා මට පෙලක් ඒවා මතක නෑ.. ඒත් උබ සෙල්ලම් කරපු හැටි, දුවල ටයිල් එකෙ ලිස්සල ගිහිං බිත්ති වල වදින හැටි මතකයි. ඒ කාලෙ ඉදං උබ අපිත් එක්ක දුක සැප බෙදාගන්න පටං ගත්තා.. ටික ටික ලොකුවෙද්දී, උදේට මාව ඇහැරවන්න පටංගත්තා.. මාව ඇහැරෝලා උබ ඇවිත් ඇදේ පැත්තකින් වකගැහිලා නිදාගන්නවා.. ඒ දවස් වල ඉදං උබ හෙන චන්ඩියා.. මොකෙක්ටවත් බය නැති.. අම්මා යන යන තැන උබ පස්සෙං ගියා අපි ගියේ නැතත්. හති දාගෙන වත්තේ යනව මතකයි අම්මත් එක්ක. අම්ම උබට වෙනම වතුර බොතලයක් අරං යන්න පටංගත්තා පස්සේ පස්සේ. උබට අපි වැඩක් කරද්දී නිකං ඉන්නේ නෑ.. ඇවිත් මොකක් හරි කරනව.. නිකං අපිට උදව්වට වගේ. මට අද වගේ මතකයි ගේ ඉස්සරහ කොස් ගහේ අත්තක් පාරට කඩන් වැටුන දවසේ මහ වැස්සේ මම කොස් අති කප කප අයිං කරද්දී, උබත් අතු කෑලි කටිං ඇදං මා පස්සේ ආපු හැටි මර වැස්සේ තෙමි තෙමි. වත්තට ගියොත් එතන වලක් හරි හාරනවා. ගේ වටේ සුද්ද කලොත් එතන ඇවිත් ලැගගෙන ඉන්නවා. උබ අපිව තනිකලේ නෑ. උබට හවසට සෙල්ලං කරන්න ඕනි උනාම අපිව අව්ස්ස ගන්න හැටි මතකයි මට. උබේ ආදරනීය හැසිරීම, මං උබට සහෝදරයෙක්ට වගේ ආදරේ කරන ගානට උබ ගෙනාවා.
උබට පුදුම ඉවක් තිබ්බ. මීටර් 60ක් විතර එහා තියන වත්තේ කෙලවරෙන් වල් ඌර එද්දී උබ දන්නවා. වල් ඌරෙක්ටවත් බය නෑ උබ.. ඌරා වත්තේන් එලියට පන්නල මිසක් ගෙදර නොඑන එක උබේ පුරුද්දක්..රිලවෙක්ට එන්න දෙන්නෙ නෑ. තලගොයෙක්ට එන්න දෙන්නෙ නෑ. කොටින්ම වත්තේ අලියෙ බැන්ද දවසක උබ නිදි නැතුව රෑ එලිවෙනකන් අලියා එලවන්න හැදුවා මතකයි. මොන බල්ලෙක්ටවත් වත්ත මායිමට එන්න දුනේ නෑ. උබේට සින්නක්කරේට ලියපුව පරිස්සම් කරනවා වගේ පරිස්සම් කලේ.
වල් ඌරා බඩ හිල් වෙන්න ඇන්න. උබේ ඔලුවෙන් බාගයක් කෑවා. ලේ පෙරාගෙන ඇවිත් නිදාගත්ත මිසක් කෑගැහුවේ නෑ. ඒතරං හයියක් උබට තිබ්බා. එච්චර හයියක් නැත්තං උබ කොහොමද ගැටගහලා තිබ්බ වීමෝලේ යකඩ ෆිල්ටරේ ඇදගෙන වත්තේ ආවේ. රිච්බැක් කෙනෙක්ව බෙල්ලෙන් අල්ලලා පොලවේ ගැහුවේ.. උබ මාරයි.
හයිය මෙලෙයි දෙකම පිහිටන්නේ නෑ කිව්වට උබට ඒ දෙකම තිබුනා. ගෙදර අපි නැති වෙලාවට කවුරු ඇවිත් බඩුවක් මුට්ටුවක් ගෙනියන්න හැදුවොත්, උබ හපලා එලෙව්වා. අපි ඉන්නකොට බිරුවත් හපන්නේ නෑ. හිතලා මතලා වැඩකරන්න උබට මාර හැකියාවක් තිබ්බේ. නිකං මනුස්සයෙක් වගේ. අපි ගමනක් ගියොත් උබ කෑමට මාමලගේ දිහා හරි බාප්පලගේ දිහා හරි යනවා. අපි ආවම මොනාදේ මන්දා කියනවා. අපිට හරියට තේරුනේ නෑ බං. සමාවෙයං.
මම කොලබ ගියාට පස්සේ මට උබව මගඇරුන.මම ගෙදරට එන්න කලිං උබ දන්නවා මම එනවා කියලා. මම විතරක් නෙමෙයි ගෙදර කවුරු උනත් එහෙමයි. මම ආපු ගමන් උබ විනාඩි පහක් විතර මොනාදො මන්දා කියනවා. මට හිතුනේ මම ගෙදර නැති ටිකේ වෙච්ච දේවල් ටික කියනවද මංදා. උබ හිතං හිටියේ මේ ගේ මගේ කියලා නේද. ඒකනේ මම ගෙදර ඉද්දී වීරයා වෙන්නේ. කොහොම හරි උබෙ පොඩි සද්දෙකින් පවා මේ උබ කෑගහන්නේ කියලා කියන්න පුලුවන් වෙලා තිබුනේ.. තාම ඒහෙමයි.
උබ කවදාවත් ගේ අවටක ජරා කරේ නෑ. උබ වැසිකිලි යන්න වෙනම තැන් වෙන් කරගෙන තිබ්බා.
මට මතකයි දවසක් පාන්දර මට නින්දෙන් ඇහැරුනේ උබේ හඩ ඇහිලා පාරෙං. බලද්දී ගේට්ටුව ගාවට ඇවිත් කතා කරනවා. මම බලද්දී උබ මඩ නාගෙන, ලේ වැක්කෙරි වැක්කෙරි හිටියේ. උබ සති ගානක් ඇවිදින්න බැරුව හිටියා.. ඒත් උබ උදේට ජාරා කරන්න හද්දා ඩොටේ දුවනවා දඩි පඩි ගහගෙන. මම උබ ඉන්න තැනින් නිදියන්න පටංගත්තේ උබ කොහේ හරි ගිහිං වැටෙයි කියලා බයට.
මම උබට ගහන්න ආපු පිට මිනිස්සුන්ගෙන් ගේම ඉල්ලන්න දෙපාරක් හිතුවේ නෑ. ඒ ආදරේ හන්දා.
උබට හෙන සැප සම්පත් දෙන්න නම් බැරි වෙන්න ඇති. හැබැයි පුලුවන් උපරිමේ කරා. වරදක් උනානම් සමාවෙයං.
උබ අපිට කිසිම වරදක් නොකරපු එකෙක්. අම්ම කියන්නේ උබ ලමයෙක්ට වඩා කීකරුයි කියලා.. ඒ කියන්නේ මටයි නංගිටයි වඩා උබ කීකරුයි කියලා. හැමදාම උදේ අම්ම නැගිට්ට ගමන් එනවා ටී එක ගහන්න. ඊටපස්සේ මගේ කාමරේට ඇවිත් මුන ඉවකරලා උබත් නිදාගන්නවා. හැමදාම රෑ හත වෙද්දි එනවා රෑ කෑමට. ඇවිත් කෑම ඉල්ලනවා. අම්ම කියන්නේ බඩගිනි සංඥාව කියලා. පරක්කු උනම පොඩි සද්දයක් දානවා. සද්දේ දැම්මට අපි දන්නවා බොරුවට කියලා. මොකද උබට නැට්ට වනන එක නවත්තන්න අමතක උනා.
උබට ඇස් පේන එකයි කන් ඇහෙන එකයි අඩුම වෙනකං උබ අපිව පරිස්සම් කලා. උබ අපිට අසිමිතව ආදරේ කලා. උබ අපි කරදර වෙනවට කොයිමවෙලාවකවත් කැමති උනේ නෑ. ඒක මම හොදාකාරවම දන්නවා.  උබේ ඔය ගති ගුන හන්දා මට එදා ඉදං උබ ගැන ආඩම්බරයක් තිබුනේ. තාමත් කතා කරන්නෙ හරිම ආඩම්බරෙන්. උබ මට මගේ සහොදරයෙක් වගේ.
මෙතෙන්ට එනකන් මේකේ මිනිස්සු කියවන එකක් නෑ. ඒත් මෙක ලියන්නේ මම මේ හිතන ටික උබට පෙනුනොත් කියලා හිතාගෙන. උබ අපිට ආදරේ කරපු තරම් ආදරේ කරන්න බැරි උනාට, මගේ ලෝකේ උබට උඩින් ඉන්නෙ මිනිස්සු කීප දෙනයි. ඒ තරමට මං උබට ආදරෙයි මිනිහෙක් නොවුන මගේ සහෝදරයා. උබේ ගුන තියන මිනිහෙක්වත් හමුවෙන එකක් නෑ.

මරනින් මතු,
හොදම තැන නිර්වානය නම් උබ එතනට යන්න ඕනි
හොදම තැන ස්වර්ගය නම් උබ එතනට යන්න ඕනි
හොදම තැන දිව්‍යලෝකෙ නම් උබ එතනට යන්න ඕනි
හොදම තැන මේ මනුස්ස ලෝකේ නම්, සුපිරි සැප විදින මනුස්සයෙක් වෙන්න ඕනි

මේ පෙනෙන නොපෙනෙන තැන් අස්සේ කොහේගියත් උබ හොදම ඉහලම තැනකට යන්න ඕනි.

සීබා,
සුබ ගමන් නොනිම් ආදවන්තයා...❤️🙏😭

Monday, May 30, 2022

ලිබරල් වැලක්...


අපි ගස් නෙමෙයි..

ගස් වෙන්න බෑ අපිට මේ කැලේ ඇතුලේ... 

රූස්ස ගහක් වෙන්න හිතුවට,

කවදාවත් උනේ නෑ..

හැමදාම අපි ගහක් දිගේ යන,

වැලක්..

"මේ අත්ත දිගේ ගියහම ඉහලට ගිය හැකි.."

"මේක දිගේ ගියහම හරි සුන්දරයි.."

"මේ අත්ත පහලට යන්නේ..

ඒකෙ යන්න එපා..."

"මේ අත්තෙ යනවට තමා මං කැමති..."

ගස් අපිට කිව්වා,

අපිත් එක්ක අතුවල එතිච්ච් වැල් පවා කිව්වා..

පෝර ටික උරාගන්නවත් බැරි තරම් වැල ඇදුනට පස්සේ බලද්දී, 

ගහක් වෙන්න හිතුවට,

එක එක ගස් වලයි, 

වැල් වලයි,

එති එති උඩට ආපු 

වැල් අපි...


Tuesday, February 8, 2022

වින්දිත වින්දනී

 


වින්දිත වින්දනී
පාටකල ඇස් නන්දනී
සරා සලෙලුන් බන්ධනී
මලක්කට විය රංගනී
තවම උබ මගේ චන්දනී
...

ධනුශ්කගේ පැමිනිල්ල

  තට්ටම් වලට දීලා එකපිට පහර ගලවා කොපුව ඇරියා අමු අමුවේම යන්නට වගේ ආවා අවසන් හුස්ම ස්වාමිනි එල්ලන්න මේ දස කැ*යාව