Monday, May 30, 2022

ලිබරල් වැලක්...


අපි ගස් නෙමෙයි..

ගස් වෙන්න බෑ අපිට මේ කැලේ ඇතුලේ... 

රූස්ස ගහක් වෙන්න හිතුවට,

කවදාවත් උනේ නෑ..

හැමදාම අපි ගහක් දිගේ යන,

වැලක්..

"මේ අත්ත දිගේ ගියහම ඉහලට ගිය හැකි.."

"මේක දිගේ ගියහම හරි සුන්දරයි.."

"මේ අත්ත පහලට යන්නේ..

ඒකෙ යන්න එපා..."

"මේ අත්තෙ යනවට තමා මං කැමති..."

ගස් අපිට කිව්වා,

අපිත් එක්ක අතුවල එතිච්ච් වැල් පවා කිව්වා..

පෝර ටික උරාගන්නවත් බැරි තරම් වැල ඇදුනට පස්සේ බලද්දී, 

ගහක් වෙන්න හිතුවට,

එක එක ගස් වලයි, 

වැල් වලයි,

එති එති උඩට ආපු 

වැල් අපි...


No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...