ගැබ්බර ගොයම
වදා වී ඉපනැල්ල
දෙපය අතරින් වැටුන
කෙතේ රන් කහවණුය
කාරතුව තදකලා
ගෙදර උන්ගේ බැන්ම
කාටුව හුරුයි අපට
කහනවා මැතිදුන්ට
හුලන් කර බැත ගෙදර
අටුව ගෙන බර කරට
කිරි අම්මගේ හඩට
රිද්මයි මෝල් ගස
පුදා මුල් කොට බුදුට
කිරිබතක රස විය
විඩා නිවලා කොහොම
වතුර බැදලා එන්න
ආතාගේ තට්ටමට
දිවයුරු සිනාසෙයි
අම්බරුවන්ට ජඃ
ගම පුරා තෙපුල් දෙයි
බට පතුරු පෙට්ටියට
ඉදුණු බත බෙදාලා
කරපින්නන් ඇබුල
ගෙනගියා නියර මත
රසයි කරවල හොද්ද
දමා පොල් කෑලි දිග
ගොයම පැල බන්ඩි විය
බන්ඩි කිරි වදින්නිය
තිරිසන් නෑයන්ට
කොටහක් එල්ලලා
අටුවා අයෙත් බර කරන්
කන්නේ අහවර වෙලා..
Sunday, February 21, 2016
Friday, March 27, 2015
භයානක ලෝකයෝ
බල්බ් එකක් ලස්සනට එලිය දෙනවා...
පහනක් වෙලා බලපං කරන්ට් ගිය වෙලාවක...
ආදරේ හිතෙයි ගොඩක් දැල්ල අඩු වෙවී
නිවෙන්න යන පහනට...
ගොඩාක් එළිය බල්බ් ගොඩාක් මැද්දේ
පොඩි දැලි ගෑවිච්ච පහනක් වෙන්න ආසයි...
කරන්ට් ගිය වෙලාවට ගොඩක් වටීවි
ඔයාට මාව...
කරන්ට් යනවට නෙමෙයි බං...
මට උබ තෙල් ටිකක් දානවටයි ආසාවෙන් ඉන්නේ...
පහනක් වෙලා බලපං කරන්ට් ගිය වෙලාවක...
ආදරේ හිතෙයි ගොඩක් දැල්ල අඩු වෙවී
නිවෙන්න යන පහනට...
ගොඩාක් එළිය බල්බ් ගොඩාක් මැද්දේ
පොඩි දැලි ගෑවිච්ච පහනක් වෙන්න ආසයි...
කරන්ට් ගිය වෙලාවට ගොඩක් වටීවි
ඔයාට මාව...
කරන්ට් යනවට නෙමෙයි බං...
මට උබ තෙල් ටිකක් දානවටයි ආසාවෙන් ඉන්නේ...
Saturday, February 7, 2015
මගේ මීයා..
අද මීයා....
මාගේ මීයා පිළිබද ඇති වූ කලකිරීම මත අද මීයා ගැන වදන් කිහිපයක් ලිවීමට තීරණය කලෙමි.
අවැසි තැනදී තමාට අවශ්‍ය පරිදි හැසිරෙන මීයෙක් තිබීම ඉතා වැදගත් වන අතර,
අනවශ්‍ය අයුරින් දගලන මීයන් කරදර කාරීය.එසේම හොද මීයන් මිලෙන් අදිකය.
හොද මීයා ඉතා සුමටය.හැසිරීවීමට පහසුය..
wire ලස් මීයා සහ සාමාන්‍ය මීයා ලෙස වර්ග 2කකි...
මගේ කතාව මෙයය..
අප වැනි තෙවන පන්තියේ රාජ්‍ය සේවකයන්ගේ දරුවන්ට කොයින්ද හොද මීයන්..
මා ගේමක් ගැසීමට මීයා ගතිමි.මොන ගෙම්ද? හති අතේ දගලන්නට විය.
මට ශරීර අවයවයක නමක් කියවිණි.
අවසානයේ වැරෙන් තලා ගේම අත හැර දැමීය..
190වේ මියාගෙන් මොන ගෙම්ද?
Thursday, February 5, 2015
මදුරුවාගේ මව් ගුණ කීම..
මදුරුවා යනු ඉතා බුද්දිමත් සතෙකි..
ඔවුන් මට පහරදීමේදී මගේ දුර්වල අවස්ථාවන් හදුනා ගනිමින් පහර දෙයි..
උදාහරණයක් වශයෙන් මම පාඩම් කිරීමට සාදන් අවස්ථාවන් ගත හැක.නමුත් බොහෝ විට ඔවුනට බඩගින්නේ සිටීම
ට සිදු විය.ඒ බැවින් ඔවුන් මම නිදාගැනීමට යාමේදීද පහර දෙන්නට හුරුවී ඇත.එයට හේතුව නම් මා නිදාගත් විට ඇදිවත නොව වෙන එකක් ගලවන් ගීයත් මම නොනැගිටින බව ඔවුන් දීර්ඝ අධ්‍යයනයකින් තහවුරු කරගෙන ඇති බව මට හැගේ..fb යන විටද එසේමය.. කෙසේ නමුත් ඔව්වෝ අහුවෙන හැම විටම තලලා අබරලා දැමීමට මම නිතරම වගබලාගන්නා අතර මම මදුරුවන් තලන විට කුහුබුවන්ට රජ මගුලෙත් උපරිම එකය..
Saturday, January 31, 2015
මගේ දෙවෙනි එක...
මගේ දෙවෙනි එක...
කාලෙකට කලින් බ්ලොග් එකක් කියල එකක් පටන්ගත් ඒ ඇයි කියල දන්නේ නැ මම නම්..කොහොම හරි පොඩ්ඩක් මේක සුද්ද පවිත්‍ර කරලා ගන්න බැලුවේ...
මේක මගේ පලවෙනි එකේ දෙවෙනි එක..
ඉතින් back again ....
Saturday, February 18, 2012
අය්ස්ටය්න්
අය්ස්ටය්න් ඩොල්ටන්ලා..
දුන්නු දුක් මම වින්දා..
නිව්ටන්ට මල් තියලා..
කියනව එපා කියල..
තව නියම නම්...
මෙ පින් අරන්...
සය්න් කොස් ටැන්ම කියලා.....
දුන්නු දුක් මම වින්දා..
නිව්ටන්ට මල් තියලා..
කියනව එපා කියල..
තව නියම නම්...
මෙ පින් අරන්...
සය්න් කොස් ටැන්ම කියලා.....
Subscribe to:
Posts (Atom)
ධනුශ්කගේ පැමිනිල්ල
තට්ටම් වලට දීලා එකපිට පහර ගලවා කොපුව ඇරියා අමු අමුවේම යන්නට වගේ ආවා අවසන් හුස්ම ස්වාමිනි එල්ලන්න මේ දස කැ*යාව