Thursday, April 26, 2018

පා.ම

අපේ සල්ලි වලින් ගත්ත
ඔබ තුමාගෙ cadillac එක
ඊයෙ දැක්කා
ජාති වන්ඩිය සර්..

බෝඩ් එක නොතිබ්බනම්
අම්පා, අදුරන්ඩ බෑ
ඔබ තුමාගෙ කියල...


තෙල් නම් බොනව ඇති
මයෙහිතේ...

සැප මදිනං කියන්ඩ ඕං
ගිල්ලල,
ගේමු සුපිරි භාන්ඩයක් ආයි...

Tuesday, April 17, 2018

අපේ අවුරුදු

අද ඉදන් ආයිත්,
බෙඩ් ටී නැත
උදේට බත් නැත
දවල්ට පැලෙන්න කාපු
බත් කොත් නැත
රෑට අජිනමටො ඇත
ඉතිං මේ දවස් පහට 
අවුරුද්ද කිව්වට මොකද බං

Sunday, April 8, 2018

අවුරුදු (සාරාංශය )

ඩයල් බැංකු වලට ණය වූ අතර 
දෙකයි පනහේ උන් 
කිරිබත් කා සතුටු වුහ.

Monday, April 2, 2018

car park එක


වැඩ ටික ඉවරවෙලා 
ගෙදර යන්න බස් එකට දුවද්දි,
කෑම වෙලාවෙදි පිරිල තිබ්බ 
car park  එක,
උදේ දකිද්දි වගේම 
හිස්...

ධනුශ්කගේ පැමිනිල්ල

  තට්ටම් වලට දීලා එකපිට පහර ගලවා කොපුව ඇරියා අමු අමුවේම යන්නට වගේ ආවා අවසන් හුස්ම ස්වාමිනි එල්ලන්න මේ දස කැ*යාව