Thursday, November 22, 2018

දුක් හාදු

පොදු බඩගින්න
නෑ දැනුනේ
දුකේ සිරි
වතුරෙන් බොහෝ දුර
යා හැක 
හතිත් නැති
හිටියට විරිත්තං
ණය ඇත
වටට පිරි
මොනවට කියනවද
පව් ඇති
ගනිං දිරි

කාමරෙ හාදයන්
පිහිටයි අද රෑට
උදයට දෙවියනේ
දේවා දිරි ඉන්ට
ලැජ්ජාවට වගේ
කෑවා දවාලට
මොනවා කරන්නද
පෙරකල පව් වලට

හිත් ඇවිලිලා
නින්දක් නෑ මැදියමට
මොනවා උනත්
උදයට බැස කලිසමට
යායුතු බව දනි
පෙර ඒ කනිසමට
නිදිමත වෙයං දෙවියනි
පෙර අලුයමට

මොනවා හෝ යමක් පිනවා
ඇගේ සිත
රසකර ගන්න දේවල්
උන්ලගේ බත
ගෙනිහිං තියන්නට හැකිනම්
අම්මගේ අත
ණය ඇර යමක් අම්මේ මා
අතේ නැත

For bad credit

No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...