කෙල්ලෙක්ලු
අම්ම වගේ
ටීචර් උබ මම ළමයා
වැලි බතට උබ අම්ම
රෝස මල් කැකුලු
හිමිදිරියේ පිපුනා
ගෙදර හෙන උත්සවය
නාවලා ගෙට ගත්තා
ගමෙ අපි වැදගත්‍තු
නඩේටම අඩගැහුව
අත් දිගට ඇදගත්තු
යක්කු රහමෙර බිව්ව
ගොම්මනට ගෙට වෙයං
කලු කුමාරයො ගොඩයි
ලෙන්ගතු දෙවියෝ
ඇතුලෙ වල් සත්තු
වටේටම ඉවකරං
ආදරේ දික්කරයි
රත්තරං කරලන්න
දෑවැද්දේ බර බලයි
කලු පටිය පලදන්නේ
මොහොතකට සුව බලන්
සුන්දරලු රතු මල්
මගුල..
උන්ට ඕනි ලේ මල්
හීනෙන් ඇහැරෙද්දි
පොඩිම මල උබ
ඒ පොකුරෙ
පරිස්සමට ඉදපං...
සලුව අරං ගිය හුලගට
ආවඩන ලෝකයක් අස්සෙ
එකෙක් ඉදීවි
හුලගත් එක්ක තරහෙන්