Thursday, November 1, 2018

No words

මේක කතාවක්
වචන එන්නෙ නැති රෑක
වේදිකාවක් 
උබ රගන ජීවිතේ
ගස් කොලං වල මල් පිපෙන
ඒක සත්තයි දිනක
සුවය සහනය
හිත් බෙදාගත් අපි අපිම.
උබ නිවූ ඒ ගින්න නොදනී
කිසිවෙකුත් 
නොඇවිලුනු ලැව් ගින්න
වියංගය අද මංමුලාවී
තනි වෙලා එන මගක
ඉතිං කොහොමෙන්
කියන්නද 
සේපාලිකා සුවද...


Sunday, September 23, 2018

තේරුමක් නැති කතාවක් - The world VI [ E01 ]

පරිගනක ක්‍රීඩා හින්දම නිතරම බැනුම් අහන මම ඇලෙක්ස් සැන්ෆෝර්ඩ්. මගේ මේ කතාව පටන් ගන්නේ කාලෙකට කලින්. එයාගෙ නම නිකලස් බෙල්බොස්. අපි ගොඩක් දෙනෙක්ගේ ජීවිත උඩු යටිකුරු කරපු පුද්ගලයා. 
 1591 වෙනි අවුරුද්ද වෙනකොට මම පාසලේ 12 වසරේ. රසායන විද්‍යාව ඉගනගත්තට, මම මැග්නීසියම් පටියක් දහනය කරල බලල තිබුනෙ විද්‍යාගාරයේ කොම්පියුටර් එකේ විතරයි.  අපිට ඕනිම පරීක්ශනයක් සමාකරණ (simulation) පද්ධතියක් ඇතුලෙ කරන්න පුලුවන් කම තිබුන. ඒ තුලින් අපි ගොඩක් දේවල් ඉගනගත්ත. "විභාග" සංකල්ප ගොඩක් කාලයකට කලින් අධ්‍යාපන ක්‍රමයෙන් අයින් කරල තිබුන. ඒ වෙනුවට අධ්‍යාපන ක්‍රමය සමාකරණ ක්‍රියාකාරකම් මත පදනම් වෙලා තිබුනෙ.  අපේ අම්මල තාත්තලා  කියන විදියට, මේ දියුනුවට ප්‍රධාන හේතුව ඒකලු. 
අපේ යාලුවො කන්ඩායමේ සාමජිකයන් හතර දෙනයි. රොජර්, ගෙවින්, ඇඩ්න් සහ මම සිව් කට්ටුව උනා. පාසල් ඉවර උනු ගමන්ම, ගෙදර යන්න ළමයින් සියල්ලොම පාහෙ ගොඩක් උත්සුක උනා. මොකද, පරිසර උශ්නත්වයට වඩා, ගෙදර වායු සමනය මහත් සුවයක් විය. 
ඊලග රාජකාරිය වූයේ සෙල්ලමයි. ඒ දිනවල උන්මාදයක් වු the world-vi  කොම්පියුටර් ක්‍රීඩාව, අපි සියල්‍ලු දෙනාගේ මෙන්ම බොහෝ ළමයින් ගේ ප්‍රධාන කාර්ය උනා.සියල්ලටම කොම්පියුටර් simulation ගාවගත්ත අපේ සමාජයට ආපු වීරයද ද්‍රෝහියද කියල හරියට කියන්න බැරි the world  game එක හදන්නෙ නිකලස් බෙල්බොස්. Virtual ලෝකයක් ඇතුලෙ ජීවියෙක්ගේ ක්‍රියාකාරකම් පාලනය කිරීම ක්‍රීඩකයාට කරන්න තිබුනේ. විශාල රටවල් සංඛ්‍යාවක්, විවිධ ජාතීන්, විවිධ භාෂා වලට අදාල චරිතයක් අපිට ආරම්භයේදී හදාගන්න පුලුවන්. එම ලබාදෙන ලබපු පරාමිතියන්ට අදාලව, යම් කිසි දෙමාපිය දෙපලකට බිලිදෙකු වශයෙන් ක්‍රීඩාවට අපි ඇතුලුවෙන්නෙ. එතැන් පටන් කියන කරන දේවල් මත අපේ ක්‍රීඩාවේ සියලුම දේවල් තිරනය වෙනවා. මෙහි ආස්වාදය වන්නේ, අප විසින් අපේ නම පවතින යමක් කිරීමයි. ඉන් අප ප්‍රසිද්ද පුද්ගලයෙක් වෙනවා.

තව එකක් ඉස්සරහදී...

Monday, September 17, 2018

පින්න මල

පින්න මල් 
ලස්සනට පිපිලලු
රතුපාටට පොකුරු
හුලගට හෙල උනාලු
සර සර ගාගෙන
ගෙනිච්ච සුවදට වඩා
ගද 
පින්න ගාලට වැදිල 
රී#වට 
මොනාකරන්නද 
පින්න මල

Tuesday, July 24, 2018

දුර

දුර ඈතට වෙලා හිතගාවම ගෙවා
මුලු රෑම මට කී කතා
හද රාවය සදා මා මත්කලා
මේ හිතගාව හුරුවක් වෙලා

පරවෙච්ච මල් යායේ
පිනි වැස්ස නුබ මාගේ
හදගින්න තව වැඩිකලා

රතු වෙච්ච හැන්දෑව
උබ එක්ක මං මැව්ව
ආදරය තව හැඩකලා

නෙතු දකින සේයාව
හිත් මවන මායාව
ආදරියේ දැන් උබ වෙලා


Tuesday, July 10, 2018

සසරගත නිවන

කාමධර්ම මතම සසර
දුර වු නිවන 
චිත්ත රූප රාග
නුබ ගෙනාව
මාව මංමුලාව
හෙව්ව භාවනාව
නුබ විය සදාම
සසර කතර දුක
නිමාව
තුශ්නාව විය මා 
සසල සිතෙ නිර්වාන
ගතපුරාම
කලා මා චාරිකාව
නවාතැන් ගතවිය
ඉගි මත  මට 
නුබ ගෙනාව
ආපෝ ගුන පෙන්නුව දුර
එක්ව ආව
තවම විදිමි සුව
මා සිත් මවාන

Tuesday, July 3, 2018

කක්කුස්සි දොර


කුස්තුර අතරින්
රත්තරං පාටට
ඉර එලිය
හතිඅතේ ගහපු 
රබර් ලෑලි
හැමවෙලෙ බයවෙලා
මුල්ලක 
මකුලුවෙක්
කූබි පෙලිය තවත් 
දුවනවා 
ගැටි දිගේ
පිත්තල නෑ
කම්බි ඇන
සැලකිලි අඩු
මේක 
කක්කුස්සි දොර

Monday, May 7, 2018

Nurse ගහල බෙහෙත් දැම්ම 🤕

                                                          නඩු අංක බිංදුවයි දහතුන
                                                          මේසැරෙත් චූදිතයි මං


                                                           සුරත ගෙන ඇබරුවා
                                                          ද්වේශයෙන් ඇන තදින්

                                                          දැවිල්ලයි රිදෙනවා
                                                          තුවාල ඇගපුරා


                                                          කොහෙද තුවාල කෝ
                                                          ගෙන්නාව බෙහෙත්, දාමු


                                                          මෙතන තුවල වෙලා නෑනෙ
                                                          හැබැයි ගැහුවනේ


                                                          ගහපු උන්ම බෙහෙත් දානව
                                                          මාත් ඔය දැක්කමයි


                                                          My lord,
                                                          මේ පාරත් 
                                                          Nurse ගහල බෙහෙත් දැම්ම


Thursday, April 26, 2018

පා.ම

අපේ සල්ලි වලින් ගත්ත
ඔබ තුමාගෙ cadillac එක
ඊයෙ දැක්කා
ජාති වන්ඩිය සර්..

බෝඩ් එක නොතිබ්බනම්
අම්පා, අදුරන්ඩ බෑ
ඔබ තුමාගෙ කියල...


තෙල් නම් බොනව ඇති
මයෙහිතේ...

සැප මදිනං කියන්ඩ ඕං
ගිල්ලල,
ගේමු සුපිරි භාන්ඩයක් ආයි...

Tuesday, April 17, 2018

අපේ අවුරුදු

අද ඉදන් ආයිත්,
බෙඩ් ටී නැත
උදේට බත් නැත
දවල්ට පැලෙන්න කාපු
බත් කොත් නැත
රෑට අජිනමටො ඇත
ඉතිං මේ දවස් පහට 
අවුරුද්ද කිව්වට මොකද බං

Sunday, April 8, 2018

අවුරුදු (සාරාංශය )

ඩයල් බැංකු වලට ණය වූ අතර 
දෙකයි පනහේ උන් 
කිරිබත් කා සතුටු වුහ.

ධනුශ්කගේ පැමිනිල්ල

  තට්ටම් වලට දීලා එකපිට පහර ගලවා කොපුව ඇරියා අමු අමුවේම යන්නට වගේ ආවා අවසන් හුස්ම ස්වාමිනි එල්ලන්න මේ දස කැ*යාව