කන්ද උඩින් ඉර පෑව සිනා පෙල
අදුරු කරං අවරට වැඩියා
මී ගස් අස්සේ නින්දට සමුදී
වව්ලු පියාපත් හඩ ඇසුනා
නේක මතින් සිත් මත්වූ බඹරුන්
නාරිලතා මල්වල වැහුවා
සීත සුලං කඩුපුල් මල් සුවදය
පින්න වැටී මල් පෙති තෙමුවා
ඇකෝ
Sunday, June 9, 2019
Wednesday, April 10, 2019
දහවල් කඩුපුල්
මුව මල් රේනු නැවී මල් මැලව ගොසින්
හෙවනක පිනිදිය ඉසුනා පෙම් වදනින්
දහදිය මල් සුව සුවද විදින සිතැගින්
අදුරින් කඩුපුල් ලෙස සිත සුවද කරං
හදවත් සයුරේ කුනාටු පවුරු කඩන්
වෙරළට ඇදුනේ ලෝ ඇස හැරුන සැනින්
රුධිරය ගෙන උන් සැගව ගියා සැනකින්
මැදුරු යහන් සැප ගෙන දේ උර තලයෙන්
කාලය නැවතී නෑ හද හැගුන් ලෙසින්
පෙම් රස තැවරී මුකුලිත මල් සැලුනින්
අදුරට ගුලිවී දුටු සිහිනය නිමවං
විදුලි පහන් එලි දිලුනා අදුර හැරන්
හෙවනක පිනිදිය ඉසුනා පෙම් වදනින්
දහදිය මල් සුව සුවද විදින සිතැගින්
අදුරින් කඩුපුල් ලෙස සිත සුවද කරං
හදවත් සයුරේ කුනාටු පවුරු කඩන්
වෙරළට ඇදුනේ ලෝ ඇස හැරුන සැනින්
රුධිරය ගෙන උන් සැගව ගියා සැනකින්
මැදුරු යහන් සැප ගෙන දේ උර තලයෙන්
කාලය නැවතී නෑ හද හැගුන් ලෙසින්
පෙම් රස තැවරී මුකුලිත මල් සැලුනින්
අදුරට ගුලිවී දුටු සිහිනය නිමවං
විදුලි පහන් එලි දිලුනා අදුර හැරන්
Thursday, November 22, 2018
දුක් හාදු
පොදු බඩගින්න
නෑ දැනුනේ
දුකේ සිරි
වතුරෙන් බොහෝ දුර
යා හැක
හතිත් නැති
හිටියට විරිත්තං
ණය ඇත
වටට පිරි
මොනවට කියනවද
පව් ඇති
ගනිං දිරි
කාමරෙ හාදයන්
පිහිටයි අද රෑට
උදයට දෙවියනේ
දේවා දිරි ඉන්ට
ලැජ්ජාවට වගේ
කෑවා දවාලට
මොනවා කරන්නද
පෙරකල පව් වලට
හිත් ඇවිලිලා
නින්දක් නෑ මැදියමට
මොනවා උනත්
උදයට බැස කලිසමට
යායුතු බව දනි
පෙර ඒ කනිසමට
නිදිමත වෙයං දෙවියනි
පෙර අලුයමට
මොනවා හෝ යමක් පිනවා
ඇගේ සිත
රසකර ගන්න දේවල්
උන්ලගේ බත
ගෙනිහිං තියන්නට හැකිනම්
අම්මගේ අත
ණය ඇර යමක් අම්මේ මා
අතේ නැත
Tuesday, November 13, 2018
ලෞකික
හිගන්නට ලොකුයි පැසෙව්වට තුවලේ
වවාගෙන කෑවේ ඒකමයි පිගානේ
ආගම නිරා ලග්නය තුලාවේ
බලාපං කිරං උබේ මොල ප්‍රමානේ
ලියපං වදන් අමුනපං මල්ලි
ඇමිනෙන එකට කව්ද
දුන්නේ සල්ලි
දන්නව හිගං (👍) ආවෙ උබ එල්ලී
කොටි දැක්කෙ පොඩිකාලෙ අදුරනව පුල්ලි
ත්‍රයිලෝක විජයං
අමාරුද වැදුනං
හිනාවෙල බුදියං
ඉදපංකො බැරිනං
Sunday, November 4, 2018
මනුස්සකමට බං - Situational sweeties
ගෙදර ඉන්නව පංකාදු ගෑනියෙක්...
හිනා උනෙ මනුස්සකමට
ගෙනියන්න නෙමෙයි...
කොන්දොස්තරට හිනාවුනු නංගි
මට රැව්ව...
Thursday, November 1, 2018
No words
මේක කතාවක්
වචන එන්නෙ නැති රෑක
වේදිකාවක්
උබ රගන ජීවිතේ
ගස් කොලං වල මල් පිපෙන
ඒක සත්තයි දිනක
සුවය සහනය
හිත් බෙදාගත් අපි අපිම.
උබ නිවූ ඒ ගින්න නොදනී
කිසිවෙකුත්
නොඇවිලුනු ලැව් ගින්න
වියංගය අද මංමුලාවී
තනි වෙලා එන මගක
ඉතිං කොහොමෙන්
කියන්නද
සේපාලිකා සුවද...
Sunday, September 23, 2018
තේරුමක් නැති කතාවක් - The world VI [ E01 ]
පරිගනක ක්‍රීඩා හින්දම නිතරම බැනුම් අහන මම ඇලෙක්ස් සැන්ෆෝර්ඩ්. මගේ මේ කතාව පටන් ගන්නේ කාලෙකට කලින්. එයාගෙ නම නිකලස් බෙල්බොස්. අපි ගොඩක් දෙනෙක්ගේ ජීවිත උඩු යටිකුරු කරපු පුද්ගලයා.
1591 වෙනි අවුරුද්ද වෙනකොට මම පාසලේ 12 වසරේ. රසායන විද්‍යාව ඉගනගත්තට, මම මැග්නීසියම් පටියක් දහනය කරල බලල තිබුනෙ විද්‍යාගාරයේ කොම්පියුටර් එකේ විතරයි. අපිට ඕනිම පරීක්ශනයක් සමාකරණ (simulation) පද්ධතියක් ඇතුලෙ කරන්න පුලුවන් කම තිබුන. ඒ තුලින් අපි ගොඩක් දේවල් ඉගනගත්ත. "විභාග" සංකල්ප ගොඩක් කාලයකට කලින් අධ්‍යාපන ක්‍රමයෙන් අයින් කරල තිබුන. ඒ වෙනුවට අධ්‍යාපන ක්‍රමය සමාකරණ ක්‍රියාකාරකම් මත පදනම් වෙලා තිබුනෙ. අපේ අම්මල තාත්තලා කියන විදියට, මේ දියුනුවට ප්‍රධාන හේතුව ඒකලු.
අපේ යාලුවො කන්ඩායමේ සාමජිකයන් හතර දෙනයි. රොජර්, ගෙවින්, ඇඩ්න් සහ මම සිව් කට්ටුව උනා. පාසල් ඉවර උනු ගමන්ම, ගෙදර යන්න ළමයින් සියල්ලොම පාහෙ ගොඩක් උත්සුක උනා. මොකද, පරිසර උශ්නත්වයට වඩා, ගෙදර වායු සමනය මහත් සුවයක් විය.
ඊලග රාජකාරිය වූයේ සෙල්ලමයි. ඒ දිනවල උන්මාදයක් වු the world-vi කොම්පියුටර් ක්‍රීඩාව, අපි සියල්ලු දෙනාගේ මෙන්ම බොහෝ ළමයින් ගේ ප්‍රධාන කාර්ය උනා.සියල්ලටම කොම්පියුටර් simulation ගාවගත්ත අපේ සමාජයට ආපු වීරයද ද්රෝහියද කියල හරියට කියන්න බැරි the world game එක හදන්නෙ නිකලස් බෙල්බොස්. Virtual ලෝකයක් ඇතුලෙ ජීවියෙක්ගේ ක්‍රියාකාරකම් පාලනය කිරීම ක්‍රීඩකයාට කරන්න තිබුනේ. විශාල රටවල් සංඛ්‍යාවක්, විවිධ ජාතීන්, විවිධ භාෂා වලට අදාල චරිතයක් අපිට ආරම්භයේදී හදාගන්න පුලුවන්. එම ලබාදෙන ලබපු පරාමිතියන්ට අදාලව, යම් කිසි දෙමාපිය දෙපලකට බිලිදෙකු වශයෙන් ක්‍රීඩාවට අපි ඇතුලුවෙන්නෙ. එතැන් පටන් කියන කරන දේවල් මත අපේ ක්‍රීඩාවේ සියලුම දේවල් තිරනය වෙනවා. මෙහි ආස්වාදය වන්නේ, අප විසින් අපේ නම පවතින යමක් කිරීමයි. ඉන් අප ප්‍රසිද්ද පුද්ගලයෙක් වෙනවා.
තව එකක් ඉස්සරහදී...
Monday, September 17, 2018
පින්න මල
පින්න මල්
ලස්සනට පිපිලලු
රතුපාටට පොකුරු
හුලගට හෙල උනාලු
සර සර ගාගෙන
ගෙනිච්ච සුවදට වඩා
ගද
පින්න ගාලට වැදිල
රී#වට
මොනාකරන්නද
පින්න මල
Wednesday, July 25, 2018
Tuesday, July 24, 2018
දුර
මුලු රෑම මට කී කතා
හද රාවය සදා මා මත්කලා
මේ හිතගාව හුරුවක් වෙලා
පරවෙච්ච මල් යායේ
පිනි වැස්ස නුබ මාගේ
හදගින්න තව වැඩිකලා
රතු වෙච්ච හැන්දෑව
උබ එක්ක මං මැව්ව
ආදරය තව හැඩකලා
නෙතු දකින සේයාව
හිත් මවන මායාව
ආදරියේ දැන් උබ වෙලා
Tuesday, July 10, 2018
සසරගත නිවන
කාමධර්ම මතම සසර
දුර වු නිවන
චිත්ත රූප රාග
නුබ ගෙනාව
මාව මංමුලාව
හෙව්ව භාවනාව
නුබ විය සදාම
සසර කතර දුක
නිමාව
තුශ්නාව විය මා
සසල සිතෙ නිර්වාන
ගතපුරාම
කලා මා චාරිකාව
නවාතැන් ගතවිය
ඉගි මත මට
නුබ ගෙනාව
ආපෝ ගුන පෙන්නුව දුර
එක්ව ආව
තවම විදිමි සුව
මා සිත් මවාන
Subscribe to:
Posts (Atom)
ධනුශ්කගේ පැමිනිල්ල
තට්ටම් වලට දීලා එකපිට පහර ගලවා කොපුව ඇරියා අමු අමුවේම යන්නට වගේ ආවා අවසන් හුස්ම ස්වාමිනි එල්ලන්න මේ දස කැ*යාව