රතු වෙච්ච ඇස් අස්සෙන්
තොල් වලට හිනවක්
කදුලු වේලන්න වෙලාවක්ද මේ
කෙකටිය සුවද නෑ
තුරුලු කරගනිං ආදරෙං
නැවුම් සුවද, පායල වහිද්දී
වක්කඩ බැදලා හිතට බයයි
නියර ගැන
බයට ඇකිලිච්ච නිදිකුම්බ පැල
හොරාට නැගිටිනවා
ඇනිච්ච කටු දැකලා හිනාවෙනවා
මතකද අහලා
ඩිංගක් ගිමං ඇරියාට
තව දුරද අහද්දි
බයයි, ගමනෙන් බාගයයි
විමුක්තියට
සුද්දාගේ වගාව,
කූඩැල්ලගේ යහනාව
ලෝකේ ඇලයි
අමාරුයි
වාරුයි,
මුලින්ම අල්ලගත්ත මුළින්ම
නිදිකුම්බ නිදාගනිං
පැමිනිල්ල සමත මන්ඩලේ
සමාදානයිද
හරස් ඇලෙං හෝදල
ගොවියා ගොඩගත්තා රජකමට
පස්වාං දහසකට
හෝදං වරෙං